Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙරටට පැමිණෙන ගුවන් යානාවල මඟීන් සංඛ්‍යාවට පැනවූ සීමාව ඉවත් කෙරේ

By News Team on October 11th, 2021 in Local

මෙරට පැමිණෙන ගුවන් යානයකින් රැගෙන ආ හැකි උපරිම ගුවන් මඟීන් 75ක් විය යුතු බවට පනවා තිබූ සීමාව ඉවත් කර තිබෙනවා.

පසුගිය 07 වනදා සිට මෙය බලාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.

එම අධිකාරියේ ප්‍රකාශකයෙක් කියා සිටියේ දේශීය සහ විදේශීය ගුවන් සමාගම්වලට අයත් මෙරටට පැමිණෙන ගුවන් යානාවල ඕනෑම මඟීන් ගණනක් රැගෙන ඒමට හැකි බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සංචාරකයින්ට සහ අනෙකුත් මගීන් සඳහා මේ වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම විවෘතව පවතින නමුත් එන්නත් නොකළ මගීන් තවදුරටත් දින 14 ක නිරෝධායනයකට ලක් වීම අනිවාර්ය වනු ඇති.