Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපතිගේ ප්‍රතිචාරය ගැන පක්ෂ 11 නියෝජිතයෝ සාකච්ඡා කිරීමට තීරණය කරයි

By News Team on October 18th, 2021 in Local

යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් ලබන 23වනදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

එම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් ජනාධිපතිවරයාට පසුගියදා ලිපියක් ද යොමු කර තිබුණා.

අදාළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අගමැති සහ මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙසයි.

එම ප්‍රතිචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයන් ලබන 23 වනදා රැස්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.