Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විදෙස් ශ්‍රමිකයන් රටට එවන ප්‍රේෂණ අඩුවෙයි

By News Team on November 16th, 2021 in Business

විදේශ සේවා නියුක්තිකයින් විසින් ශ්‍රී ලංකාවට සිදුකරනු ලබන ප්‍රේෂණවල අඩු වීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

පසුගිය සැප්තැම්බර් මාසයට අදාළව විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමිනුයි ඔවුන් මේ බව සඳහන් කරන්නේ.

වෙළඳ භාණ්ඩ හිගය, 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 525 ට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 495 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මාසික අපනයන ඉපැයීම් අඛණ්ඩව සිව්වන මාසයටත් ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති අතර, ආනයන වියදම් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට බොහෝ සෙයින් සමාන මට්ටමක පැවතුණා.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක පැමිනිම්වල වර්ධන වේගය අඛණ්ඩව වාර්තාවීම විශේෂත්වයක්.