Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කඨින පිංකම් සඳහා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

By News Team on October 14th, 2021 in Local

මෙවර කඨින චීවර පිංකම් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා කියා සිටියේ කඨින පෙරහැර සංවිධානයේ දී උපරිම 30 දෙනෙක්ගෙන් යුත් පිරිසක් පමණක් එක්කර ගත යුතු බවයි.

ඊට අමතරව කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකම උපරිම 50 දෙනෙකුගේ සභාගීත්වයෙන් පැවැත්විය යුතු වනවා.

කඨිනානිසංස ධර්ම දේශනය ද උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ යුතු බවයි බෞද්ධ කොමසාරිස්වරයා කියා සිටියේ.