Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සියලු රාජ්‍ය සේවකයන් යළි සේවයට කැඳවීම ගැන යළිත් සලකා බලන්න – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

By News Team on August 2nd, 2021 in Local

සියලු රාජ්‍ය සේවකයන් රාජකාරි සඳහා කැඳවීමට රජය ගෙන ඇති තීරණය නැවත වරක් සලකා බලන ලෙස සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අද (02) සිට රාජ්‍ය සේවකයන් ඇතුළු විශාල පිරිසක් සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන භාවිතා කිරීම තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය ද වේගවත් විය හැකි බවයි.

රට තුළ පවතින අවධානම් සහගත තත්ත්වය පහව යාමට පෙර රජය ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් රාජ්‍ය සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් දැඩි අපහසුතාවයට පත්වන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

රාජ්‍ය සේවකයන් පුර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බව රජය පැවසුවත් සැබෑ තත්ත්වය එසේ නොවන බවද එම සංගමය චෝදනා කරනවා.

ඔව්න් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පොදු ප්‍රවාහනයේදි සහ කාර්යාල කටයුතුවලදී වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සියලු ජනතාව එකලෙස වගකීමෙන් කටයුතු කරන ලෙසයි.