Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ආණ්ඩුවේ හිතවතෙකුට ස්වර්ණවාහිනිය විකිණීමේ සුදානමක්?

By News Team on July 16th, 2021 in Gossip

ඊ.ඒ.පී. (EAP) සමූහ ව්‍යාපාරයට අයත් කොටස් නීතිවිරෝධි ආකාරයෙන් විකුණා දැමීම පිළිබඳ විමර්ශන අවසන් වීමටත් ප්‍රථම එම සමූහයට අයත් ස්වර්ණවාහිනී නාළීකාව ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකුට විකුණා දැමීමේ සූදානමක් පවතින බව ඊ.ටී.අයි. (ETI) ගනුදෙනුකරුවන්ගේ සමිතිය අනාවරණය කරයි.

ස්වර්ණවාහිනී ආයතනයට මෑතක් වන තුරු සම්බන්ධව සිටි ඉහළ නිලධාරියකුගේ සම්බන්ධීකරණයෙන් මෙම ගනුදෙනුව කඩිනමින් සිදුවීමට නියමිත බැවින් එය වහාම නතර කර ආයතනය රජයට පවරා ගැනීමට මැදිහත්වන ලෙසද එම සමිතිය රජයෙන් ඉල්ලා සිටී.

ස්වර්ණවාහිනී ආයතනය ඇතුළු ඊ.ඒ.පී. සමූහයට අයත් ව්‍යාපාර අලි රාජා සුබාස්කරන් නමැත්තා විසින් මිලදී ගැනීමේදී සිදුව ඇති නීතිවිරෝධි ක්‍රියා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකළ අතර ඊට අදාළ වාර්තාව 2021 මාර්තු 9 වැනිදා නිකුත් කර තිබේ.

එම වාර්තාව මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර නීතිපතිවරයා විසින් සිය අවසන් නිර්දේශය ලබාදීමට ප්‍රථම මෙලෙස ස්වර්ණවාහිනිය නැවත විකුණා දැමීමට සූදානම් වන බව පැවැසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට මීට පෙර සිදුවූ ගනුදෙනුවේදී ස්වර්ණවාහිනී ආයතනයේ කොටස්වලින් 39%ක් සිංගප්පූරුවේ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ආයතනය විසින් මිලදී ගෙන ඇති අතර ඉතිරි කොටස් 61% මිලදී ගෙන ඇත්තේ එහි මෙරට නියෝජිතයන් වන බෙන් ​හෝල්ඩිංග්ස් ආයතනය විසිනි.

කෙසේ වෙතත් බෙන් හෝල්ඩිංග්ස් ආයතනය එම මිලදී ගැනීම වෙනුවෙන් ආයෝජනය කර ඇති සියලුම මුදල් විදේශීය සමාගමක් වන පෘතුගාලයේ ලියාපදිංචි පෙට්ගෝ කොමොර්ෂියෙන් වෙතින් ලබාගෙන ඇත.

ඒ අනුව ස්වර්ණවාහිනියට යොදවා ඇති සමස්ත මුදල විදේශීය ආයෝජනයක් වන අතර එය මෙරට ජනමාධ්‍ය ආයතනයක හිමිකාරීත්වයෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් විදේශීය හිමිකරුවකුට අලෙවි කළ නොහැකිය යන නීතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

නයන තරංග ගමගේ – අරුණ පුවත්පත