Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රතන හිමිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවධානමක්

By News Team on October 15th, 2021 in Local

පුජ්‍ය අතුරලියේ රතන හිමි අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස රතන හිමි පක්ෂයෙන් ඉවත් කිරීමට හේතුව වී ඇත්තේ චෝදනා හතරකට උන්වහන්සේ වැරදිකරු බවට තීරණය කිරීමත් සමඟයි.

ඒ අනුව මෙම තීරණය පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට අද (15) දිනයේ යොමු කිරීමට නියමිතයි.

අපේ ජන බල පක්ෂය මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වා ඇත්තේ තම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද රතන හිමියන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන ලෙසයි.