Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දේශපාලන පිපිරීමක් ගැන රනිල් වික්‍රමසිංහගෙන් අනතුරු ඇඟවීමක්

By News Team on November 23rd, 2021 in Local

මේ වන විට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුධයට විසඳුම් සෙවීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එය දේශපාලන පිපිරීමක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්.

මෙම තත්ත්වය පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයින්ට බලපාන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

ජනතාව තුළ ආණ්ඩුව සහ විපක්ෂය පිළිබඳ විශ්වාසයක් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවත් වත්මන් ආර්ථික අර්බුධයට කිසිඳු විසඳුමක් ආණ්ඩුව සතුව නොමැති බවත් කියා සිටියා.