Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රනිල් – මහරාජා විරසකය අවසන් ද? – රනිල්ගේ දේශපාලන ආගමනය තවත් පෙරළියක් වෙන ලකුණු?

By News Team on June 23rd, 2021 in Exclusive Story

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) යළිත් දියවන්නාව තරණය කරනු ලැබුවා.

ඒ අවසන් වරට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගැනීමෙන් මාස 15කට පසුවයි.

ඔහුගේ යළි පාර්ලිමේන්තු ආගමනය මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව සාමාන්‍ය සමාජයේ ද ප්‍රධාන මාතෘකාව බවට පත්වුණා.

රනිල් අද (23) යළි පාර්ලිමේන්තු පැමිණීම වෙනුවෙන් කොළඹ නගරයේ විශාල පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඒ කැපිටල් මහරාජා ආයතනය විසිනි.

වසර 10කට වැඩි කාලයක් පුරා මහරාජා ආයතනය විසින් රනිල් වික්‍රමසිංහ මහතාට දිගින් දිගටම විවේචනය කරමින් එජාප නායකත්වයෙන් රනිල්ව ඉවත් කිරීම සඳහා මහරාජා ආයතනය එළිපිටම කටයුතු කරනු ලැබුවා.

මේ හේතුවෙන් එහි ගැටුම්, පක්ෂය අතහැර යෑම් සිටි එක් ප්‍රධාන පාර්ශවය ලෙස මහරාජා ආයතනය හඳුන්වනු ලබනවා.

බොහෝ දෙනා මත පළ කරන්නේ මෙය මහරාජා ආයතනයේ අලුත්ම දේශපාලන උපක්‍රමයක් හෝ පෙරළියක් විය හැකි බවයි.

දේශපාලන අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන්නේ රනිල් මෙවර නිකන්ම පාර්ලිමේන්තු පැමිණියේ නිකන්ම නොව විපක්ෂ නායකත්වය ලබාගෙන සමඟි ජන බලවේගයේ පිරිසක් යළිත් පක්ෂය වෙත ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවද වාර්තා කරනවා.

ඊට අමතරව ආණ්ඩුවේ පාර්ශවය තුළ කළකිරීමට ලක්ව සිටින මන්ත්‍රීවරුන් පිරිසක් ද රනිල් සමඟ එක්වීමට නියමිත බවද විවධ තොරතුරු සඳහන් වුණා.

කෙසේ වෙතත් මහරාජා ආයතනයේ මෙම ක්‍රියාව දේශපාලන ආරංචි මාර්ගවලට තටු ලැබීමට වැඩි ඉඩක් ලැබිය හැක.