වන්දි ඉල්ලීමේ පෝලිමේ තියෙද්දී රනිල් මුලින්ම මැති ඇමැතිලාට ලක්ෂ 7350ක් වන්දි ගෙවලා…

හානි පූරණය සදහා වූ කාර්යාලය පිළිබදව සිදු කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ පසුගිය අරගල සමයේ දී නිවාස ගිනිතැබීමට ලක් වූ මැති ඇමතිවරුන්ට රුපියල් ලක්ෂ 7350 ක මුදලක් හානි පූරණය සදහා වූ කාර්යාලය හරහා, වන්දි වශයෙන් ලබාදී ඇති බවය.

2023 වසරේ දී හානි පූරණය සදහා වූ කාර්යාලය වන්දි වශයෙන් මුදාහැර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 13,350 කි.

ඉන් රුපියල් ලක්ෂ 7530කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබා දී ඇත්තේ නිවාස ගිනි තැබීමට ලක් වූ මැති ඇමතිවරු වෙනුවෙනි.

දේපොල හානි සිදු වූ අනෙක් සියලු පුද්ගලයන් වෙනුවෙන් මුදාහැර ඇති වන්දි මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 5820 ක් පමණක් වන අතර මැති ඇමතිවරුන්ට මෙසේ ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ, මැති ඇමතිවරු වන්දි ඉල්ලීමට පෙර වෙනත් විශාල පිරිසක් වන්දි ඉල්ලා තිබිය දී බවද සඳහන්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *