Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයි

By News Team on December 15th, 2021 in Local

අද (15) දහවල් 12 සිට ආරම්භ කරන වෘත්තීය ක්‍රියාමාර්ගයට අනුව නැවත දැනුම් දෙන තෙක් සියලු දුම්රිය ධාවන කටයුතු ඉවත් වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සංගම් ඒකාබද්ධ අද (15) දහවල් 12 සිට මෙම අඛණ්ඩව වැඩ වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් දහවල් 12 වනවිට ධාවනය වෙමින් ඇති දුම්රියන් ගමනාන්තය දක්වා පැමිණෙන බවත් නව ගමන්වාර කිසිවක් ධාවනය නොවන බවත් දුම්රිය නියාමකවරුන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියා.