Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරේ

By News Team on November 4th, 2021 in Sport

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ් පත්කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ක්‍රිකට් උපදේශක කමිටුව විසින් ඔහුගේ පත් කිරීම ඒකමතිකව සිදුකර ඇති බවයි.

මේ අනුව ඩ්‍රාවිඩ් ලබන මස නොවැම්බර් 17 වනදා සිට ආරම්භ වන නවසීලන්ත තරඟාවලියේ සිට ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ ධුර කාලය නිමාවට පත්වනවා.

කෙසේ වෙතත් මීට පෙර රාහුල් ඩ්‍රාවිඩ් ජාතික ඇකඩමියේ ප්‍රධානියා ලෙස කටයුතු කළා.