Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දින 42කට පසු නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට

By News Team on October 1st, 2021 in Local

දිවයින පුරා දින 42ක් පැවැති නිරෝධායන ඇඳිරි නීතිය අද (01) අළුයම 04ට ලිහිල් කෙරුණා.

තවදුරටත් පළාත් අතර සංචරණ සීමා බලාත්මක වනු ඇති.

අද (01) සිට ලබන 31 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඊයේ (30) දිනයේ නිකුත් කරනු ලැබුවා.

එය ඔක්තෝම්බර් 01 සිට 15 දක්වා ද ඔක්තෝම්බර් 16 සිට 31 වනදා දක්වා එම මාර්ගෝපදේශ කොටස් දෙකකට බෙදා දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් දිනපතා රාත්‍රී 10 සිට අළුයම 04 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

පොදු ප්‍රවාහන සේවයේ දී ද මඟීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාව අනුව පමණක් බවයි අදාළ මාර්ගෝපදේශවල සඳහන් වන්නේ.