Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නැවත දැනුම් දෙන තෙක් පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම්

By News Team on July 7th, 2021 in Local

නැවත දැනුම් දෙන තුරු මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොරෝනා රෝගය පැතිර යාමේ විශාල අවධානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත දන්වා ඇති බවයි.

මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදී ඇති නිරෝධායන නියෝග සම්බන්ධයෙන් ක්‍රියාකරන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.