Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විදෙස් ණය ගෙවා දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර අවසන්

By News Team on November 25th, 2021 in Business

ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති සියලුම විදෙස් ණය වාරික ගෙවා දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා.

ඒ අනුව විදෙස් ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මුදල් ප්‍රතිපත්ති තීරණ පිළිබද දැනුම්දීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ අද (25) පැවති මාධ්‍ය හමුවකදී අධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර රටතුළ පසුගිය මාස කිහිපයක සිට උද්දමනය ඉහළයාම සඳහා සැපයුම් අංශයේ බාධා මෙන්ම මිල පාලනයන් ඉවත් කිරීමද හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ ජානක එදිරිසිංහ මහතා පවසන්නේ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමත් සමග අනාගයේදී උද්දමන අගය පහළයාමක් අපේක්ෂාකරන බවයි.

මුදල් ප්‍රතිපත්ති තීරණ පිළිබද අද (25) ශ්‍රි ලංකා මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව කියා සිටියේ.

ශ්‍රි ලංකා රුපියල සියයට 7 යි දසම 2ක අවප්‍රමාණයක් මේ දක්වා වාර්තාකර ඇති බවත් මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමරිකානු ඩොලර් බිලියන 2යි දසම 3ක් බවත් ජානක එදිරිසිංහ මහතා පෙන්වා දුන්නා.