Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

By News Team on January 31st, 2022 in Local

පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට අදාළ යෝජනාව අද (31) රැස්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය IOC සමාගමෙන් සෘජුවම ඉන්ධන මිලදී ගැනීමට තීරණය කර ඇති බවයි.

අද (31) සහ හෙට (01) දිනවල ඉන්දීය තෙල් සමගම හරහා විදුලිබල මණ්ඩලයට සෘජුවම තෙල් මිලදී ගැනීමට හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඉදිරි සතිය සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් අද (31) දිනයේ දී තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වනවා.