Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මාර්ගවල විදුලිය නිවා දැමීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

By News Team on January 24th, 2022 in Local

පවතින විදුලි අර්බුධය සලකා විදුලිය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස මාර්ගවල විදුලි පහන් නිවා දැමීමේ යෝජනාවක් අද (24) රැස්වෙන කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින්.

පස්වරු 06.30 සිට රාත්‍රී 11 දක්වා මාර්ගවල විදුලි පහන් නිවා දමා රාත්‍රී 11.00න් පසු නැවත විදුලි පහන් දැල්වීම හෝ පස්වරු 06.30 සිට රාත්‍රී 10.00 දක්වා මාර්ගවල විදුලි පහන් දල්වා ඉන්පසු විදුලි පහන් නිවා දැමීමට රජයට යෝජනා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.