Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

උසස් පෙළ විභාගයේ ප්‍රවර්ධන කටයුතු අද මැදියම් රැයෙන් පසු තහනම් වෙයි

By News Team on February 1st, 2022 in Local

2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රවර්ධන කටයුතු අද (01) මධ්‍යම රාත්‍රී 12න් පසු තහනම් වනවා.

ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියෙන් පසු උපකාර පන්ති, සම්මන්ත්‍රණ, ආගමික වැඩසටහන් හෝ උසස් පෙළ විභාගයට අදාළ කිසිඳු ප්‍රවර්ධන කටයුත්තක් සිදු කිරීම තහනම් වන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි කටයුත්තක් සිදු කරන්නන්ට එරෙහිව විභාග පනත යටතේ දඩුවම් පමුණුවන බවයි.

උසස් පෙළ විභාගය ලබන සඳුදා සිට මාර්තු 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.