Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුව

By News Team on December 15th, 2021 in Local

වත්මන් ගෑස් අර්බුදය විසඳීමට ගන්නා පියවර කවරේදැයි දිවුරුම් පෙත්සමක් මගින් හෙට (16) දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (15) ලිට්‍රෝ සමාගමට නියම කළා.

ඒ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොණු කර ඇති පෙත්සම රිට් අද (15) යළි කැඳවූ අවස්ථාවේදීයි.

ලිට්‍රෝ සමාගම මෙහිදී අධිකරණයට සහතික වූයේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන්ට අනුකූලව පමණක් ගෑස් බෙදාහරින බවටයි.

එය ස්ටිකරයක් මගින් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කරන බවටද ඔවුන් සහතික වි තිබෙනවා.