Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

2020 පැරා ඔලිම්පික් තරඟාවලියට සහභාගී වී ජයග්‍රහණය කළ ක්‍රීඩකයින්ට ත්‍යාග සහ මුදල්

By News Team on September 7th, 2021 in Sport

ඔලිම්පික් තරගාවලියට සහභාගිවී ජයග්‍රහණය ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා මුදල් ත්‍යාග ලබාදීම සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඊයේ දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 106.625ක් වනවා.

ඒ අනුව රන් පදක්කමක් ජයග්‍රහණය කළ අයෙකුට ශ්‍රී ලංකා මුදලින් මිලියන 50ක්, ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙකුට මිලියන 20ක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම ලෝක වාර්තාව පිහිටුවනු ලැබූ යුද හමුදාවේ බලලත් නිලධාරි -1 දිනේෂ් ප්‍රියන්ත හට රුපියල් මිලියන 10ක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකළ පුහුණුකරුවන් සඳහා ද රුපියල් මිලියන 19.125ක් ත්‍යාග ලෙස ලබාදීමට නියමිතයි.

එමෙන්ම ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද දිනේෂ් ප්‍රියන්ත හට තවත් රුපියල් මිලියන 10ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.