Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අගමැති මුදල් ඇමති එක්ක යුගදනවී ගැන සාකච්ඡා කරගන්න – ජනපති හවුල්කාර පක්ෂ 11ට දැනුම් දෙයි

By News Team on October 16th, 2021 in Local

යුගදනවී බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි පියවර සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් අද (16) යළි රැස් වෙනවා.

පසුගියදා අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තම කණ්ඩායමට වෙලාවක් දෙන්නැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.

එම ලිපියට පිළිතුරු ලබාදෙමින් පක්ෂ නායකයන්ට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ගිවිසුම සම්බන්ධයෙන් අගමැති සහ මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙසයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් අද (16) යළි රස්වෙන්නේ.