Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පාන් ගෙඩියක මිල ඉහළට – රයිස්, කොත්තු මිලත් ඉහළට

By News Team on October 11th, 2021 in Local

පාන් ගෙඩියක මිළ අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙනවා.

බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ තිරිඟු පිටි මිල ඉහළ දැමීම නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.

කෙසේ වෙතත් අනෙක් බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ට ඉඩ ලබා දෙන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගෑස් මිළ ඉහළ යාමත් සමඟ රයිස් හා කොත්තු මිළ රුපියල් 10 කින් ඉහල දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එමෙන්ම මින් ඉදිරිය⁣ට ප්ලෙන්ටියක් රුපියල් 25 කටත්, කිරි තේ එකක් රුපියල් 60 ක් වැනි මිළකටත් අලෙවි කෙරෙන බවයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සදහන් කළේ.