Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපති ලබන 21 වනදා අමෙරිකාවේ සංචාරයක

By News Team on September 4th, 2021 in Exclusive Story

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස තෙවැනි සතියේ අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්නේ පළමු වරටයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් වරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව ඇමතුවේ වසර 2018 දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

මේ මස 21 වනදා සිට 23 වනදා දක්වා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී රාජ්‍ය නායකයන් සහභාගී වන සමුළුව පැවැත්වීමට නියමිතයි.

සමුළුව සඳහා ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය ජී. එල් පිරිස්, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.