Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?

By News Team on December 15th, 2021 in Local

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සිංගප්පුරු පෞද්ගලික සංචාරය අවසන් කර හදිසියේම යළි ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා යළි ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ ලබන සිකුරාදා දිනයේ වුවත් සංචාරය කෙටි කර ජනාධිපතිවරයා ඊයේ (14) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ ඇති බවයි.

ජනාධිපතිවරයා ලංකාවේ නොසිටීම හේතුවෙන් පසුගිය සදුදා පැවැති කැබිනට් මන්ඩල රැස්වීම පැවැත්වුණේද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.