Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නිදහස් දිනය දා සිරකරුවන් 197කට ජනපති සමාව

By News Team on February 4th, 2022 in Local

අදට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දිනය දා ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව ආණ්ඩුව බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙක් ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20 ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක් සහ කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13 ක් අද (04) නිදහස ලැබීමට නියමිතයි.

බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11 ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11 ක්, වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10 ක් ඇතුළු දිවයින තුළ බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට මෙලෙස විශේෂ රාජ්‍ය සමාව හිමි වී තිබෙනවා.