Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොරෝනා නීති කඩමින් මහරාජගේ අවමඟුල ගැන මුල සිට හොයන්න ජනපතිගෙන් නියෝගයක්

By News Team on July 28th, 2021 in Gossip

කැපිටල් මහරාජා සමුහයේ සභාපති රාජේන්ද්‍ර රාජමහේන්ද්‍රන් මහතාගේ අවසන් කටයුතු වලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය වීම පිළිබඳව රජය විසින් පරීක්ෂණය ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් වන්නේ කොරෝනා ආසාධිතව මියගිය කෙනෙක්ගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව සිටීම හේතුව මත මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ සම්බන්ධව පෙරේදා පැවැති කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අමාත්‍යවරු ද අදහස් පළ කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දී ඇත්තේ අවමංගල්‍ය කටයුතු නීති රාමුවෙන් කටයුතු කර ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධ දැනුම් දීමෙන් අනතුරු සෞඛ්‍ය ඇමතිවරිය කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමාට ද අදාළ අවස්ථාවේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉක්මවා ඉහළ ජන සහභාගීත්වයෙන් පැවැත්වීම පිළිබඳ මහජන පැමිණිලි ලැබුණු බවයි.

ලැබුණු පැමිණිලි සලකා කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට සෞඛ්‍ය ඇමතිවරිය දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගෙන්ද වාර්තාවක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.