Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

එන්නත් නොගත් අය ගැන සොයන්න සංගණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝග

By News Team on July 31st, 2021 in Local

දිවයිනේ සියලූ ප්‍රදේශ ආවරණය වන පරිදි, කොවිඩ් මර්දන එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගණනයක් සිදුකර, එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් දින කිහිපයක් ඇතුළත ලබාගන්නා ලෙසයි ජනාධිපතිවරයා නිළධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95% කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබෙනවා.

එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබුවා.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත්, එන්නත කඩිනමින් ලබාගැනීමත් ජනතාව සතු යුතුකමක් බව ඔහු පෙන්වා දී තිබෙනවා.

ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළග තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.