Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දෙදින නිල සංචාරයක් සඳහා පාපන්දු සම්මේලනයේ සභාපති දිවයිනට

By News Team on November 19th, 2021 in Local

ලෝක පාපන්දු සම්මේලනයේ ( FIFA ) සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) මහතා අද (19) උදෑසන ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඒ මහතා සමඟ ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙක් ද දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දෙදින නිල සංචාරය තුළදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව් ජාතික පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ෂීෂෙල්ස් අතර පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේ ප්‍රධාන අමුත්තා ලෙසද සහභාගී වීමට නියමිතයි.

මෙලෙස දිවයිනට පැමිණි පිරිස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ , ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබුවා.