Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපති මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙනවා – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

By News Team on August 20th, 2021 in Local

මහ නායක හිමිවරුන් විසින් රට වසා දමන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා ඇහුම්කන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ අතර අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන ගොස් අනෙක් කටයුතු සඳහා සීමා පැණවීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියාසිටියේ.

අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරුන් මෙම අදහස් පළකළේ.