Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සේවා 12ක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනපති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

By News Team on October 30th, 2021 in Local

වරාය, ඉන්ධන, සෞඛ්‍ය, පොදු ප්‍රවාහන සේවා, තැපැල් ඇතුළු සේවා අංශ 12ක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහබැංකුව ඇතුලු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතුද අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති බවයි.

ඊට අමතරව ලංකා සතොස ඇතුළු ජනතාවට පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම සදහාවන සේවාවන්, පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු සියලුම සේවාවන්, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිළධාරින්, සමෘද්ධි සංවර්ධන නිළධාරින් සහ කෘෂි පර්යේෂණ සහකාර ඇතුලු ක්ෂේත්‍ර මට්ටමේ නිළධාරින්ගේ සේවාවන්ද අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බව ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සදහන්.