Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපති යළි රටපුර සන්නද්ධ හමුදාව කැඳවීමේ ආඥාවක් නිකුත් කරයි

By News Team on November 22nd, 2021 in Local

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් යළි වතාවක් නිකුත් කර තිබෙනවා.

මෙම ආඥාව පිළිබඳව අද (22) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කරනු ලැබුවා ඇත්තේ මහජන ආරක්ෂාක පනතේ 12 වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

කථානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේ දී ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳ දැනුම් දෙනු ලැබුවා.