Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත මිල්ලෑව වතු යායට අයත් භූමිය ජනපතිගේ නිරීක්ෂණයට

By News Team on July 10th, 2021 in Local

බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ඊයේ (09) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

අබලන්ව ඇති පැරණි ගොඩනැඟිලි, අධික තදබදය, බාහිරව බලපා ඇති වෙනත් සාධක හේතුවෙන් බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවතිණ.

බන්ධනාගාර සංකීර්ණය සහ එහි වත්මන් තත්ත්වය වීඩියෝ දර්ශනයකින්ඉදිරිපත් කෙරුණු අතර බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය, ලොහාන් රත්වත්තේ මහතා ඒ පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළේය.

නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමට, නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ, මිල්ලෑව වත්තෙන් අක්කර 200ක භූමි ප්‍රමාණයක් වෙන් කර ඇත. වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල, බන්ධනාගාර බුද්ධි අංශයසහ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව මෙම යෝජිත පරිශ්‍රය තුළ ඉදිකිරීමට නියමිතය.“සිපිරි සුවසෙත් උදාන” මිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථානය ලෙසින් නම් කර ඇති ව්‍යාපෘතිය වෙනුවෙන් මහ භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම විශේෂත්වයකි.

සිරකරුවන්ගේ සුබසාධානය කෙරෙහි යෝජිත බන්ධනාගාර ව්‍යාපෘතිය තුළවිශේෂ අවධානයක් යොමු කර ඇති බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන්නේය.

අනතුරුව ජනාධිපතිතුමා බන්ධනාගාර සංකීර්ණය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල සහ බුද්ධි අංශය ඉදිකිරීමට යෝජිත ස්ථාන නිරීක්ෂණය කළේය.

නිරීක්ෂණ කටයුතු අතරතුර වතු යායේ පදිංචිකරුවන් හමුවු ජනාධිපතිතුමා තොරතුරු විමසා බැලීය. ඉදිකිරීම් හේතුවෙන් ඔවුන්ට අහිමි වන දේපළ වෙනුවෙන් වන්දි සහ නිවාස ලබා දීමට කඩිනම්ව පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති මාධ්‍ය අංශය