Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රට වසා දැමිය යුතු බව ජනපතිට දැනුම් දුන්නා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

By News Team on August 16th, 2021 in Local

රට පුරා කොරෝනා පැතිරී යෑම පාලනය සඳහා රට වැසිය යුතු බව අවසන්වරට පසුගිය බදාදා (11 වනදා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එහි සහාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියේ තම සංගමය සෑම අවස්ථාවකම ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට රටේ තත්ත්වය දැනුම් දී ඇති බවයි.

කොළඹ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහත්මිය මේ බව කියා සිටියා.

ඊට අමතරව සමාජ මාධ්‍යවලද මෙම තොරතුරු නිරන්තරයෙන් පළ කර ඇති බවද වෛද්‍යවරිය ප්‍රකාශ කළා.