Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපති විශේෂ ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවයි

By News Team on July 14th, 2021 in Exclusive Story

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ලබන 18 වනදා සවස 6ට ජනාධිපති මන්දිරයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

එහිදී බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

ඇමති ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදින විවාදයට ගැනීමටයි සුදානම් කර ඇත්තේ.

ඉන්ධන මිල අත්නෝමතික ලෙස ඉහළ දැමීමට කටයුතු බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට රජය මෙම විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන බවයි.