Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපති විශේෂ කැබිනට් රැස්වීමක් හෙට කැඳවයි – බඩුමිල ගැන අවසන් තීරණයක් ගැනීමේ සුදානමක්

By News Team on October 6th, 2021 in Exclusive Story

හෙට (07) හවස 5ට විශේෂ කැබිනට් මණ්ඩලයේ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රටේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්වය සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි.

ඊට අමතරව සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල වැඩි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටද නියමිතයි.

මෙම විශේෂ කැබිනට් රැස්වීම සම්බන්ධයෙන් කැබිනට් ලේකම්වරයා විසින් ඊයේ (05) දිනයේ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (05) දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ නමුත් ජනාධිපතිවරයා ඒ සඳහා සහභාගී වී නැහැ.

හෙට (07) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී රජය විසින් විශේෂ තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ගණන් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කර ඇති යෝජනා වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නමුත් ඊට ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී නොමැති බවයි වාර්තා වන්නේ.