Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

21 වනදා රට විවෘත කරන්නේ නම් පැනවිය යුතු සීමා ගැන ජනපති වාර්තාවක් කැඳවයි

By News Team on September 10th, 2021 in Local

රට ලබන 21 වනදායින් පසු විවෘත කරන්නේ නම් පැනවිය යුතු සංචරණ සීමා ඇතුළු කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායට දැනුම් දී තිබෙනවා.

අද (10) පැවති එම කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන් බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

මේ අතර පොහොය දින හැර අනෙකුත් සෑම දිනයකම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමටද අද (10) ​පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය වී තිබෙනවා