Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආරක්ෂාව බිඳ වැටීම ගැන ජනපති බයිඩ්න්ගෙන් ඇෆ්ඝනිස්ථානයේ නායකයන්ට චෝදනා

By News Team on August 17th, 2021 in International

ඇෆ්ඝනිස්ථානයේ ආරක්ෂාව බිඳ වැටීම සම්බන්ධව එරට නායකයන් සෘජුව වගකිය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා චෝදනා කරනවා.

සිය හමුදාවන් ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් කරගැනීමට ගත් තීරණය පිළිබඳ නැවත සලකා නොබලන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

කෙසේ වෙතත් කාබුල් ගුවන් තොටුපොළ, ගුවන් පාලක පද්ධතිය, සිවිල් හා යුදමය ගුවන් යානා මෙහෙයවීම තවදුරටත් අමෙරිකානු හමුදා විසින් සිදු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.