Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපති තවත් කාර්ය සාධක බලකායක් පත් කරයි

By News Team on October 16th, 2021 in Local

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙනවා.

14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ විජිත් වැලිකල මහතායි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

හරිත කෘෂිකර්මය තිරසාරව පවත්වා ගැනිම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරිම, විවිධ බෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගැනීම සහ එම පොහොර නිෂ්පාදනය දියුණු කිරිම, කෘමිනාශක සහ වල්නාශක දේශියව නිෂ්පාදනය කිරීම මෛම කාර්ය සාධක බලකායට පවරා තිබෙනවා.

කාබනික ආහාර නිෂ්පාදනය හා පරිභෝජනයේ සෞඛ්‍ය, සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ජනගත කිරිමේ සන්නිවේදන කටයුතු ප්‍රචලිත කිරීම, මෙම ක්‍රියාවලිය සඳහා රාජ්‍ය සේවයේ සක්‍රිය දායකත්වය ලබා ගැනීම හා ක්ෂේත්‍ර මට්ටමෙන් කාබනික කෘෂිකර්ම ව්‍යාප්ත සේවා පුළුල් කිරීම ද මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.