Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපති පාර්ලිමේන්තු වාරාවසාන කරයි – නව සැසිවාරය ඇරඹෙන දිනයේ ශ්‍රී ලංකාවට අවධානමක්

By News Team on December 13th, 2021 in Local

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව දෙසැම්බර් මස 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරිමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා.

පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ කරනු ලබන්නේ 2022 වර්ෂයේ ජනවාරි මස 18 වෙනිදා පෙරවරු 10.00ටයි.

දේශපාලන ආරංචිවලට අනුව ලබන වසරේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ ජනවාරි මස 11 වනදායි.

කෙසේ වෙතත් ජනවාරි මස 18 වැනිදා යනු ශ්‍රී ලංකාවට සුවිශේෂී දිනයකි.

ඒ රජය නව වසරේ පළමු ණය වාරිකය ගෙවීය යුතු දිනය හේතුවෙන්.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට එම ණය වාරිකය ගෙවා දැමීමට දැනටමත් ඉන්දියාවේ සහ චීනයේ සහය බලාපොරොත්තු වුවත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස නියමිත දිනට ණය වාරිකය ගෙවා දැමීමට අසමත් වුවහොත් ජාත්‍යන්තරය ලංකාව හමුවේ බංකොලොත් රාජ්‍ය ලෙස නම් කිරීමට නියමිතයි.

මේ අතර නව සැසිවාරය හේතුවෙන් මින් පෙර සැසිවාරයේ පාර්ලිමේන්තුවෙදී ඇසූ ප්‍රශ්ණ සියල්ල අවලංගු ද වනවා.