Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපති අද රාත්‍රියේ ජාතිය අමතයි

By News Team on August 20th, 2021 in Exclusive Story

අද (20) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

ජනාධිපතිවරයා එහිදී කොරෝනා තත්ත්වය පිළිබඳවත්, රටේ ආර්ථික තත්ත්වය සහ රට වසා දැමීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරයා අද (20) පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැ දැක රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව දැනුවත් කිරීමට නියමිත බව රජයේ ඉහළ ආරංචි මාර්ග වාර්තා කරනවා.

කෙසේ වෙතත් ඊයේ (19) දිනයේ මහා නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ අවම වශයෙන් හෝ සතියක් රට වසා දමන ලෙසයි.