Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දීමනා ගෙවන්න තැපැල් කාර්යාල අද සහ හෙට විවෘත වෙයි

By News Team on September 1st, 2021 in Local

අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් අද (01) සහ හෙට (02) දෙදින ලබාදීමට නියමිතයි.

දිවයින පුරා තැපැල් හා උප තැපැල් කාර්යාල මෙම දින දෙක තුළ විවෘතව තැබෙන බවයි තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

දීමනා ලබාගැනීමට පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තැපැල් කාර්යාල වෙත පැමිණ අදාළ ආධාර මුදල් ලබා ගන්නැයි ලෙසයි තැපැල් මුලස්ථානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.