Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට

By News Team on July 31st, 2021 in Local

ජනප්‍රිය යොවුන් පරපුරේ ගායිකාවක් වන උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (31) රාජගිරිය ගුවන් පාලම අසළ සිදුවූ රිය අනතුරකට අදාළවයි.

වැලිකඩ පොලීසිය සඳහන් කළේ අද (31) පස්වරු 5.30ට පමණ මෙම අනතුරුව සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.