Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇෆ්ඝන් හිටපු ජනපතිට සහ පවුලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දේශපාලන රැකවරණ

By News Team on August 19th, 2021 in International

රටින් පළ ගිය ඇෆ්ඝනිස්ථාන හිටපු ජනාධිපති අෂ්රෆ් ඝානි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශපාලන රැකවරණ පතා තිබෙනවා.

එරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මානුෂිය පදනම යටතේ රැකවරණය දීමට තීරණය කළ බවයි.

මේ අතර මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් ඇෆ්රෂ් ඝානි මහතා ප්‍රකාශ කළේ තමන් රටින් පළා නොගිය බවත් ලේ වැගරීමක් වළක්වාලමින් රටින් බැහැර වූ බවයි.

තවද විශාල මුදලක් රැගෙන තමා පිටව ගොස් ඇති බවට පළවන වාර්තා ද අසත්‍ය බවද ඔහු සඳහන් කරනවා.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මින් ඉදිරියට ඇෆ්ඝනිස්ථානයට ණය දීමෙන් වැලකී සිටින බවයි.

ඒ එරට පවතින තලේබාන් පාලනය ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගැනීම අවම මට්ටමක පැවතීම හේතුවෙන්.

මේ මස 23 වන ද ඇෆ්ඝනිස්ථානයට ඩොලර් මිලියන 370ක ණය ප්‍රධානයක් හිමිවීමට නියමිතව තිබුණා.