Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

බම්බලපිටියේ දී සෙල්ලම් පිස්තෝල නගරාධිපති අල්ලන්න පොලිස් මෙහෙයුම් අරඹයි

By News Team on September 16th, 2021 in Local

බම්බලපිටිය කොතලාවල පාරේ ඉඩමකට අනවසරයෙන් පිවිස එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එරාජ් ප්‍රනාන්දු මහතා මෙම පහරදීම කර ඇත්තේ පෙරේදා රාත්‍රීයේ දීයි.

ඔහු එහි සිටි ආරක්ෂක නිලධාරින්ට බැණ පහරදී ඇත්තේ කුමන හේතුවක් මත දැයි මේ වන විටත් කරුණු අනාවරණය වී නොමැති බව ද පොලීසිය සඳහන් කලා.

මෙම පහරදීම සම්බන්ධයෙන් 04 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම ප්‍රකාශ ඔස්සේ පරීක්ෂණ පවත්වා එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවත් පොලීසිය කියාසිටියා.