Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රිෂාඩ්ගේ නිවසේ දැරිය මියයාම සම්බන්ධයෙන් පොලීසිය ප්‍රකාශ 04ක් ලබා ගනී

By News Team on July 19th, 2021 in Local

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දින් මහතාගේ මෙහෙකාර සේවයේ නිරත වූ 16 හැවිරිදි දැරිය පිළිස්සුම් තුවාල සහිතව මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දැරිය බදියුර්දීන් මහතාගේ නිවසට ගෙන ආ පුද්ගලයින්ගෙන් අද (19) දිනයේ දී පොලීසිය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඊයේ (18) දිනයේදී මියගිය දැරියගේ මවගෙන් මෙන්ම රිෂාඩ් බදියුර්දීන් මහතාගේ මවගෙන් සහ පියාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැරියට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවට කරුණු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කළා.