Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අන්තර්ජාලය ඔස්සේ දැරිය විකුණු වෙබ් අඩවියේ හිමිකරු සහ මුදල් පාලකවරයා පොලිස් අත්අඩංගුවට

By News Team on July 4th, 2021 in Local

අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ නෞකා කපිතාන්වරයා, මැණික් ව්‍යාපාරිකයා ඇතුළු පස් දෙනා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතාගේ නියෝගයක් මතයි.

මේ වන විට සිද්ධියට අදාළව සැකකරුවන් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නා.

ඊට අමතරව සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 16 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව එම කාර්යාංශය අධිකරණයට දන්වා තිබෙනවා.

මේ අතර අදාළ දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර පදිංචි අයෙක් සහ මුදල් පාලකවරයා ලෙස කටයුතු කළ පිළියන්දල පදිංචි අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

45 හැවිරිදි සහ 43 හැවිරිදි සැකකරුවන් දෙදෙනා සමඟ මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් මුළු ගණන 28 දක්වා ඉහළ යනු ඇති.