Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ළමුන්ගේ අසැබි වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලයට එක්කළ අයෙක් පොලිස් අත්අඩංගුවට

By News Team on August 7th, 2021 in Local

ළමයින්ගේ අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට එකතුකළ සැකකරුවෙකු බඩල්කුඹුර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ළමයින්ගේ අසභ්‍ය සහ අශ්ශීල දර්ශණ සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නන් සහ ඒවා බෙදාහරින්නන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ (06) දින සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුම යටතේයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙවැනි තැනැත්තන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 3ක් මේවනවිටත් මෙහෙයුම් සිදුකරන අතර සැකකරුවන් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.