Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

උස්බෙකිස්ථානු කාන්තාවක් රවටා ලිංගික කටයුතුවලට අලෙවි කළ අයෙක් පොලිස් අත්අඩංගුවට

By News Team on July 20th, 2021 in Gossip

උස්බෙකිස්ථානු කාන්තාවක් මෙරටට ගෙන්වා ගෙන ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ චෝදනාව මත සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට මෙම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක අයෙක් බවයි වාර්තා වන්නේ.

සංක්‍රමණිකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙරට රැකියාවක් ලබාදෙන බව පවසමින් මීට මාස කිහිපයකට පෙර 36 හැවිරිදි මෙම කාන්තාවට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇති බවයි.

සැකකරුගේ බිරිඳ ද උස්බෙකිස්ථානු කාන්තාවක් වන අතර ඇයද මෙවැනි චෝදනාවක් සම්බන්ධයෙන් මෙරට බන්ධනාගාරයේ පසුවන බවයි වාර්තා වන්නේ.