Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කරාපිටියේ වෛද්‍ය සිසුවියක් පැහැරගෙන ගිය පිරිස් සොයා පොලිස් පරීක්ෂණ ඇරඹේ

By News Team on June 25th, 2021 in Gossip

ගාල්ල – කරාපිටියේ නගරයේ බැංකුවක් අසළදී වෛද්‍ය සිසුවියක් සමඟ මෝටර් රථයක් පැහැරගෙන ගිය පුද්ගලයන් සොයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ මෝටර් රථය ඊයේ (24) අළුයම බුස්ස දැව සංස්ථාව ඉදිරිපිට දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගත් අතර, මේ වන විට වෛද්‍ය සිසුවිය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බවයි.

අදාළ සිසුවිය 25 වන වියේ රුසියාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ඇය සිය නැගෙණිය සමඟ කරාපිටිය නගරයට පැමිණ ගොස් තිබුණා.

ඇයගේ නැගෙණිය මෝටර් රථය පණගන්නවා බැංකුවට ගොස් තිබුණේ චෙක්පත් කිහිපයක් ගිණුම්ගත කිරීම සඳහායි.

ඒ අවස්ථාවේ නවතා තිබූ රථය ඉවත් කරගන්නා ලෙස පවසමින් පුද්ගලයෙක් වාහනයට නැග තිබූ අතර එහි සිටි තරුණිය එම පුද්ගලයා දැක නොමැති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණිය ජංගම දුරකථන භාවිත කරමින් සිට ඇති අතර එකවරම සැකකරු විසින් මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් තරුණිය කෑ ගසා තිබෙනවා.

එම සැකකරුවන් මුදල් සහ අත් පළදවා ලබා ගැනීමෙන් පසු තරුණිය මහමඟ දමා මෝටර් රථයෙන් පළා ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.

කෙසේ වෙතත් ඊයේ (24) අළුයම අදාළ මෝටර් රථය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරු විසින් රුපියල් 52000ක මුදලක් කොල්ල කා ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.