ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව ආරංචි මාර්ග පවසයි.
පසුගිය දා රැස්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව අතර එහිදී මෙම කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවත්, නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානතම හවුල්කාරී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය සමග පමණක් ගිවිසුම් ගත වීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිවම තරග කිරීම සුදුසු බව එහිදී පක්ෂයේ බොහෝ පිරිසකගේ මතය වී ඇත.
එමෙන්ම පසුගිය මහමැතිවරණයේ දී පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස් යළි පක්ෂයට සම්බන්ධ කර ගැනීම පිළිබදව ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර බොහෝ පිරිසක් පෙන්වා දී ඇත්තේ ඔවුන් යළි සම්බන්ධ කර ගැනීම සුදුසු බවයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න